Saturday, February 13, 2010

ප්‍රේමයේ මන්දහාසිනී

ප්‍රේමයේ මන්දහාසිනී... යෞවනේ සිහින සාධනී
නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ
පාව යයි සුන්දරයි ජීවිතේ
ප්‍රේමයේ මන්දහාසිනී...

තාරකා නිව දමන්න නෙත් කැලුම් විදා
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා
සඳත් වසන් වෙලා රැයක් මුදුන් කලා
පාව යයි සුන්දරයි ජීවිතේ

ප්‍රේමයේ මන්දහාසිනී...


මාලතී වනේ රැඳෙම්ද මල් යහන් තලා
මී විතේ අමා පුරම්ද රත් ලවන් පෙලා
සුසුම් පවන් ගලා හැඟුම් දියත් කලා
පාව යයි සුන්දරයි ජීවිතේ

ප්‍රේමයේ මන්දහාසිනී...


මේ ගීතයත්, මම පිස්සුවෙන් වගේ අහපු ගීතයක්. ඒකෙ සංගීතය වගේම දිවුල්ගනේ ගෙ ලයාන්විත කටහඬ ඒ පද මාලාවට අපූරුවට ගැලපෙනවා...

රස විඳින්න ඒ ගීතය මෙතැනින්:

2 comments:

  1. පද - කුලරත්න ආරියවංශ
    ස්වර - රෝහණ වීරසිංහ

    ReplyDelete
  2. උන්මාද වූ ප්‍රේමාදරේ, අතීතය සිහිනයක් පමණයි, මේසිංදුව, ඔය වගේ තව සිංදු තියනව නම් කියන්න...මාත් ආස සිංදුවක්

    ReplyDelete

ඔබේ හඬට මගෙන් ඉඩ