හිනා වෙන්න බැරි තරමට, හඬාගන්න බැරි තරමට //
නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා... තැනූ මාලිගා...
කථා කියන තරු දෑසට, ලියා දෙන්න මදි අහසම //
නුඹේ නමින් මගේ හදේ මැවෙන ගීතිකා... මැවෙන ගීතිකා...
දෙතොල නම් ගොළුයි... මුව කමල මල් සමයි....
හිතට නෙතට සුවඳ ගෙන තියා...
නුඹ රහසින් ඇවිත්, මගේ ලොවම හීනයක් කළා...
අහස නම් දුරයි... සඳ නේන වග සැබැයි...
සඳට රැයට, තරුවලට හොරා...
නුඹ නොකියා ගිහින්, මගේ පාළු දෙනෙත බොඳ කළා...
හිනා වෙන්න බැරි තරමට, හඬාගන්න බැරි තරමට
කථා කියන තරු දෑසට, ලියා දෙන්න මදි අහසම
නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා... මැවෙන ගීතිකා...
මේ ගීතය මට ලැබුනේ දවස් කිහිපයකට කලින්. අනුත්තරා කියන ගුවන් විදුලි නාට්‍යයේ තේමා ගීතය තමයි මේක.
මේ ගීතය සවන් වැකෙන කොට, මගේ හිත දිව ගියා මීට අවුරුදු දහයකට විතර ඉස්සර මගේ ප්‍රේම කථාව පටන් ගත්ත අවධියට. ඇයගේ කැමත්ත ලැබෙයිදෝ නොලැබෙයිදෝ කිය කියා අන්ත දෙකක් අතර දෝලනය වෙවී හිටපු කාලයක් මටත් තිබුනා... ඇත්තටම, ඒ කාලේ ඒ ආදරේ නාමයෙන් විඳවපු දුක කොයි තරම් රසවත් ද කියලා මට අද හිතෙනවා...
අපි කවුරුත් එදා සිහින මැවුවේ ආදර සටනින් ජය ගන්නේ කවදද කියලා... නමුත්, නියම රසය තියෙන්නේ ඒ සටනේ කියලයි මට නම් හිතෙන්නේ... ආදරෙන් ජයගත්ත අයට නරකක් කියනව නෙවෙයි... නමුත් ඒ දුක් විඳ විඳ මගේම කියල මනෝ ලෝකයක ගෙවපු කාලය තුල පුදුමාකාර මිහිරියාවක් තිබුනා....
රස විඳින්න ඒ ගීතය මෙතැනින්:
Sunday, February 14, 2010
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ඔබේ හඬට මගෙන් ඉඩ